දේශීය පුවත්

ගිවිසුම අධ්‍යයනය කරන්න තව කල් දෙන්න – නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලයි

පැවති යහපාලන රජය සමයේ දී සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධව නැවත සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා පත්කරනු ලැබූ කමිටුව විසින් එම ගිවිසුමහි අන්තර්ගත කරුණු පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා විසින් ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් සිංගප්පුරුව සහ ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම අත්සන් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි චෝදනා කරමින් ඉදිරිපත් කරනු ලැබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් කැදවනු ලැබුවේ ප්‍රියන්ත ජයවර්ධන සහ යසන්ත කෝදාගොඩ යන දිවි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය.

ගිවිසුම යළි සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවෙහි සාමාජිකයින්හට ඉකුත් දිනයන්හි රටේ උද්ගත වූ අයහපත් තත්ත්වය හේතුවෙන් ගිවිසුම අධ්‍යන කටයුතු පමාවීම නිසාවෙන් එම ගිවිසුමහි අධ්‍යන කටයුතු සම්පුර්ණ කිරීම සඳහා කල් ලබා දෙන්නැයි නීතිපතිවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පෙත්සම නැවත කැඳවීම නොවැම්බර් මස 03 වනදා නියම කළ අතර එදින දී පෙත්සම සම්බන්ධව කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දෙනු ලැබුවේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනිසිටිනු ලැබුවේ රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතාවේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button