ගිරිඋල්ල නගරයේ මන්ත්‍රිවරයෙක් සහ වෙළද සංගමයේ සභාපතිවරයා වන තුශාර සම්පත් රණසිංහට බොරු කප්පම් චොදනාවක් හා ප්‍රහාරයක්

දේශපාලන පෙරළි මත සිදුවන තට්ටු මාරැවත් සමඟ දේශපාලනයක් තියා ඒ වචනයේ තේරැමක්වත් නොදන්නා අහිංසක දූ දරැවන්ගේ ජීවිත වලට පවා කෙලින්ම බලපෑම් එල්ල වෙන ආකාරයේ අසාධාරණ ක්‍රියා කලාපයක් නිසා ගිරිඋල්ල ප්‍රදේශයේ යම් කළබළකාරී තත්ත්වයක් උද්ගතව ඇති අයුරැ විවිධ මාධ්‍ය ඔස්සෙ වීවිධාකාරයෙන් පසු ගිය දින කිපය තුල පළ වී තබිනි.
මාධ්‍ය වගකීම කොතරම් තුඡ්ච ලෙස පැහැර හරින මාධ්‍ය සංස්කෘතියක් මේ රටේ තිබේද යන්න පිළිබඳව සරළම අදහසක් ලබාගැනීමට මේ සිද්ධිය පුවත්පත් කීපයක විවිධාකාරයෙන් පළවී තිබුනු අන්දම මනා උදාහරණයක් සපයනවා ඇත.

මේ සිදුවීම සිදුවූ අකාරය නිවැරදිම ලෙස දන්නා සිද්ධියට මුහුණ දුන් ගිරිඋල්ල වෙළඳ සංගමයේ සභාපතිතුමාගේ අදහස් විමසීමක් හරහාම විනා, අප මේ ගෙන එන තොරතුරැ කාගෙවත් බලපෑමකට මුදලකට යටවී ඔබ වෙත ලඟා නොකරන බවට වගකීමෙන් සහතික වීමට අපි බැඳී සිටිමු
මේ පිළිබඳව මව්බිම වයඹ අතිරේකය හරහා පළවූ තොරතුරැ සියල්ලම වාගේ ඉතාම අපක්ෂපාතීව වාර්තාකර ඇති බවද සඳහන් කළ යුතුම වන්නෙ නිවරැදි මාධ්‍ය ප්‍රතිපත්තියක් දරන කොයි කව්රැන් වුවත් මොන ආයතනය වුවත් ජනතාවගේ සත්‍ය දැනගැනීමේ අයිතියේ නාමයෙන් ගෞරවයට පාත්‍ර විය යුතු හෙයිනි.
මේ සිදුවීමෙන් පළමුවෙන්ම පහරකෑමට ලක්වූ තුෂාර මහතා ගිරිඋල්ල ප්‍රදේශයේ වෙළඳ සංගමයේ සභාපතීත්වය දරණ අතර, එහෙව් තනාන්තරයක් දේශපාලනය හරහාවත් පාතාලයටවත් කඩේ යෑමෙන්වත් ලඟා කරගත නොහැකි බවත්, එම තනතුර එම ප්‍රදේශයේ “වෙළඳ ප්‍රජාවගේම පමණක්” කැමැත්ත මත මෙන්ම ඔව්න්ට එම පත්කරගැනීම සිදු කිරීම සඳහා ඇති ඡන්ද අයිතිය හරහා පමණක්ම ලැබා සිටින තනතුරක් බව අවධාරණය කළ යුතු වන්නේමය.
ඒ මක්නිසාදයත් ලංකාවේ ප්‍රමුඛතම පුවත්පතක පළවී තිබුනු පරිදී තුෂාර මහතා වෙළඳ ව්‍යාපාර වලින් කප්පම් ලබාගන්නා පාතාලයෙකි.
එය කොතරම් හාස්‍යට ලක් විය යුතුද යන්න පැහැදිලි කරගැනීමට වෙළඳ සංගමයේම සභාපති ලෙස කප්පම්කරැවෙකු පත් වූයේ කෙසේද යන්න විමසා බැලීම වටී.
එය එළෙස ව්‍යාජ තොරතුරක් ලෙස පළ වීමට ප්‍රධානම හේතුව ලෙස අප දකින්නේ අහිංසක ව්‍යාපාරිකයන්ගේ අයිතිය ජීවිකාව, දේශපාලන බලපුළුවන්කාරකමෙන් උදුරන්නට තැත් කරන අයවලුන්ගේ බිරින්දෑවරැන්ගේ යට ඇඳුම් සෝදන සොඳුරැ මාධ්‍ය වේදියෙකු එම පුවත්පතට වාර්තා ලිවීමම බව සිදුවීමෙන් අසාධාරණයට පත්ව සිටින ගිරිඋල්ල වෙළඳ ප්‍රජාවම සහතික වීමට සුදානම්ය.
මේ සිදුවීම තුලම “රජකම් කලත් කළ කම් පළ දේ” යන්න සනාථ කරමින් තමන් වෙනුවෙන් සටන් කරන සටන් කළ මිනිසා වෙනුවෙන් ගිරිඋල්ල ප්‍රදේශයේ බාල මහළු තරැණ පිරිස් එක්රොක්ව අයථා ලෙස ඉඩම් වංචාවට සම්බන්ධ පුද්ගලයාට රෝහල් දෙකකට මාරැ වී යාමටම සම්බුව ලබා දී ඇත.
අප කිසිම විටෙක කිසිවෙකුව වන හානියක් අවැඩක් තුළින් සතුටක් ලැබීමට තරම් නින්දිත මානසිකත්වයක නැතත්, ජනමතය ජනතාවගේ බලය ඉදිරියේ ඔයිට වඩා කෙරැමෝ පවා හොබ්බෙන් ගිය බව මතක් කිරීමට කැමැත්තෙමු.
ඒ නිසා තුඡ්ච තුප්පහි මාධ්‍ය සංස්කෘතියක ගල්පැලෙන බොරැ මිළදීගෙනම කියවීමට තරම් කරැමක්කාර තත්වයකට ජනතාව පත් කරන වාර්තාකරැවන්ටද ඒවා පළ කරන පුවත්පත් වලටද එලෙසින්ම කර්මය තම තමුන් වෙත යථා කාලයේ ලඟා වනු ඇති බවද මතක් කර දෙමු.