දේශීය පුවත්
ගිනි ගත් ඉන්ධන නැවේ වන්දිය සිංගප්පුරුවේ සමාගමක් ඩැහැ ගැනීමේ සුදානමක්

අම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන නෞකාව බේරා ගැනීම වෙනුවෙන් වූ වන්දි මුදල සිංගප්පුරු සමාගමක් විසින් ලබා ගැනීමේ අවදානමක් ඇති බව වෙළද නාවික කපිතාන් ඉෂාරක පෙරේරා මහතා සදහන් කරයි.
සති අන්ත පුවත්පතක් වෙත ඔහු පවසා ඇත්තේ ඉන්ධන නෞකාව ගින්නෙන් ගලවා ගැනීමට මැදිහත් වීම හේතුවෙන් ශ්රී ලංකාවට ලැබිය යුතු මුදල ලබා ගැනීම සදහා ශ්රී ලංකා රජය ඉක්මනින්ම අධිකරණ ක්රියාමාර්ග ගත යුතු බවයි.
ඉන්ධන නැවේ ගිනි නිවීම සඳහා වැඩි වෙහෙසක් දරා ඇත්තේ ශ්රී ලංකා රජය වුවද සිංගප්පුරු සමාගමක් විසින් ගැලවුම්කාර පාර්ශවය ලෙස පැමිණීම හේතුවෙන් අදාළ වන්දි මුදලට ඔවුන් ඉල්ලුම් කිරීමේ අවදානමක් ඇතැයි එම වාර්තාවේ දැක්වෙයි.