දේශීය පුවත්
ගැමුණු අඟහැරුවාදා සිට අලුත්ම ක්රමයේ වර්ජනයකට සැරසේ

අඟහරුවාදා (21) සිට බස් රථ ධාවනය සියයට 50 කින් අඩු කෙරෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේය.
මේ අනුව ඇතැම් මාර්ගවල ධාවනය වන බස් රථ සංඛ්‍යාව අඩු කිරීමක් සහ ඇතැම් මාර්ගවල බස් රථ ධාවනය අඩකින් පමණ අඩු කිරීමක් සිදුකරන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේය.
ගැමුණු විජේරත්න මහතා මෙහිදී වැඩිදුරත් සඳහන් කළේ, පොදු මගී ප්‍රවාහන සේවා භාවිතා කරනු ලබන මගීන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩුවීම නිසාවෙන් මෙම තීරණය ගත බවය.
එසේම මෙම තීරණයට සමගාමිව බස් රථ කාලසටහන සංශෝධනය කිරීම සම්බන්ධව බළධාරීන්හට දැනුම් දීමද සිදුකර බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් සඳහන් කළේය.