දේශීය පුවත්
ගාලු මුවදොරදී විදෙස් කතට හිරිහැර කළ පස් දෙනා අත්අඩංගුවට

කොළඹ ගාලු මුවදොර පිටියේදී රුසියානු තරුණියකට හිංසන සිදුකල බව කියන සිද්ධියකට අදාළව සැකකරුවන් 05 දෙනෙකු කොළඹ කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියේ ප්‍රධාන සැකකරුද ඒ අතර වන බවයි වාර්තා වන්නේ.

පසුගිය ඉරිදා රාත්‍රියේ අදාළ තරුණිය තවත් මිතුරන් දෙදෙනෙකුද සමග ගාලු මුවදොර පිටියේ සිටින විට බීමතින් පැමිණි පිරිසක් ඔවුන්ට හිංසාකාරී වන අයුරින් හැසිරී තිබුණා.
ඒ සම්බන්ධයෙන් එක් රුසියානු තරුණියක පොලිසියට කල පැමිණිල්ලකට අදාළවයි සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.