ගාල්ල සහ බේරුවල ධිවර වරාය ආශ්‍රිතව කොරෝනා රෝගීන් 25ක් හඳුනා ගැනේ

ගාල්ල සහ බේරුවල ධිවර වරායෙන් ආශ්‍රිතව ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණ වලදී නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ආසාදිතයින් 25 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව වාර්තා වනවා.
ඊයේ දිනයේදී ගාල්ල ධිවර වරාය ආශ්‍රිතව සිදුකළ PCR පරීක්ෂණ වලදී ආසාදිතයින් 05 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර බේරුවල ධීවර වරාය ආශ්‍රිතව සිදු කල පී.සී.ආර් පරීක්ෂණ වලින් ධීවර කර්මාන්තයට සම්බන්ධ කොරෝනා ආසාදිත පුද්ගලයන් 20 දෙනෙකු අද (23) පෙරවරුව වන විට හදුනා ගෙන ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ සඳහන් කර සිටියා. ඊයේ දිනයේදී බේරුවල ධිවර වරාය ආශ්‍රිතව අහඹු ලෙස PCR පරීක්ෂණ 100ක් සිදුකරනු ලැබුවා.
ඇතිවී තිබෙන තත්ත්වය අනුව බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේදි අද පෙරවරුවේ සිට පුද්ගලයන් 800ක් පමණ පී සී ආර් පරීක්ෂණ වලට ලක් කිරීම මේ වන විට සිදු කරන බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල සඳහන් කළා.
මේ වන විට බේරුවල ධිවර වරාය වසා තබා තිබෙනවා.