ග්‍රාම නිළධාරීන්ට දින 03 ක් කාර්යාල තුළ රැඳී සිටීම අනිවාර්ය කර චක්‍රලේඛයක්
A circular making it compulsory for Grama Niladharis to stay in the office for 03 days

ලබන මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිළධාරින්ගේ රාජකාරී කටයුතුවලට අදාලව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
අභ්‍යන්තර ආරක්ෂක / ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාතයංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතායි මෙම චක්‍රලේකය නිකුත් කර ඇත්තේ.
සියලුම ග්‍රාම නිළධාරිවරුන් අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8 යි 30 සිට පස්වරු 4 යි 15 දක්වාත් / සෙනසුරාදා දින මධ්‍යහ්න 12 යි 30 දක්වාත් මහජන සේවය සඳහා කාර්යාලවල රැඳී සිටිය යුතු බවයි එම චක්‍රලේකයේ දැක්වෙන්නේ.
සඳුඳා දිනයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කැඳවීම් හා අවශ්‍යතා අනුව කටයුතු කලයුතු අතර ඉතිරි දින 3න් එක් දිනයක් විවේක දිනය ලෙසද අනෙක් දින දෙක ක්ෂේත්‍ර රාජකාරී සඳහාද යොදාගත යුතු බව චක්‍රලේකයේ සඳහන්.
එමෙන්ම මේ පිළිබඳව කොට්ඨාශයේ ජනතාව දැනුවත් කිරීමද ග්‍රාම නිළධාරින්ගේ වගකීමක් බවයි අදාල චක්‍රලේඛයේ දැක්වෙන්නේ.
බදාදා දිනය වෙනුවට සඳුදා දිනය මහජන දිනය ලෙස රජය පසුගියදා ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව ග්‍රාම නිළධාරින්ගේ රාජකාරී කටයුතු විධිමත් කිරීම මෙම චක්‍රලේඛය නිකුත් කිරීමේ අරමුණ බවයි රාජ්‍ය අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා දැනුම් දෙන්නේ.