ගල්කිස්ස වෙරළට අදත් කුණු

උන්වහන්සේ මේ බව කියා සිටියේ අදාල තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ වෙතත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය කුමන්ත්‍රණකාරි ක්‍රියාවක් බවයි.
මොරටුව මහනගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ද අද ගල්කිස්ස මුහුදු වෙරළ තීරය නිරීක්ෂණය සදහා පැමිණියා.
ගත වු දින කිහිපයේ මෙන්ම අදත් ගල්කිස්ස වෙරළට අසාමාන්‍ය ලෙස කැළිකසල ගොඩ ගසා තිබූ අතර, අද එම තත්ත්වය වෙරළ සංරක්ෂණ දෙපාරත්තමේන්තුවේ නිලධාරින්ගේ නිරීක්ෂණයට ද ලක්වුණා.
එහිදි අදහස් දැක්වු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ප්‍රකාශ කලේ ගල්කිස්ස පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ බවයි.
ගල්කිස්ස වෙරළ තීරයේ කැළි කසල ගොඩගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් කොට්ඨාශ පරිසර එකකයේ ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.
ඊට අදාළව ගල්කිස්ස වෙරළේ අපද්‍රව්‍ය සාම්පල කිහිපයක්ද පරික්ෂණ සදහා රැගෙන ගොස් තිබෙනවා.