ගම්පහ ප්‍රදේශ කිහිපයක රු 5000 බෙදාදීම ඇරඹේ

ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල පවුල් 72,345ක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීම මේ සතිය තුළ අවසන් කරන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අද (20) උදෑසන සිට එම රුපියල් 5,000 ගෙවීමේ කටයුතු ආරම්භ කෙරුණු බවය.
මේ යටතේ මිනුවන්ගොඩ, දිවුලපිටිය හා වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට අයත් මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලදී තෝරාගත් ස්ථානයවලදී එම රුපියල් 5,000 දීමනාව ලබාදීම අද සිට සතියක් පුරා ක්‍රියාත්මක වේ.
ඒ සඳහා පළමු අදියර යටතේ රජය වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 4කි.
සියලු නිරෝධායන නීති රීති අනුගමනය කරමින් එම මුදල් ලබාදීමට අවශ්‍ය පියවර ගත් බවද ගම්පහ දිස්ත්‍රික්ක ලේකම්වරයා සඳහන් කළේය.
මේ අතර නිරෝධායන ඇඳීරිනීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු පොලිස් බල ප්‍රදේශ 16කට ද රුපියල් 5,000 දීමනාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන රජයෙන් ඉල්ලා ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
පළමු අදියර අවසන් වුනාම දෙවන අදියර යටතේ එම ප්‍රදේශවලද රුපියල් 5,000 දීමනාව ලබාදීමට සැලසුම්කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා වැඩිදුරටත් පැවසීය.