දේශීය පුවත්

ගම්පහ ඇඳිරි නීතිය ඉවත් කිරීම පිළිබඳ තීරණය අද

ගම්පහ ප‍්‍රදේශයේ පොලිස් බලප‍්‍රදේශ 18 කට බලපැවැත්වෙන පරිදි කි‍්‍රයාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම හා එම ප‍්‍රදේශවල වෙලඳසැල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයකට එළඹෙන බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

යුද හමුදාපතිවරයා පැවසුවේ නිරෝධායන ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ වර්ග රැස්කර ගැනීම සඳහා අවස්ථාවක් ලබාදීම එහි අරමුණ බවයි.

මේ අතර කටුනායක පොලිස් බලප‍්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වුවද ආයෝජන කලාපයේ කර්මාන්තශාලා අද දිනයේ සාමාන්‍ය පරිදි සිය සේවාවන් පවත්වාගෙන යනු ලබනවා.

ඒ, එම කර්මාන්තශාලාවල සේවය කරන සේවක සේවිකාවන් සඳහා සිය රාජකාරී හැදුනුම්පත, ඇදිරි නීති බලපත‍්‍රයක් ලෙස භාවිත කිරීමට පොලීසිය අවසර ලබාදීම හේතුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button