දේශීය පුවත්
කොළඹ වරායේ පර්යන්ත තුනෙහි මෙහෙයුම් නවතී

කොළඹ වරායේ පර්යන්ත තුනෙහිම සියලු මෙහෙයුම් කටයුතු අත්හිටුවමින් එහි සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අයිතිය යටතේ පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් පසුගිය දින කිහිපයේ ගෙනගිය වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කිරීමේ අරමුණෙනි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යන බවට රජයෙන් ලිඛිත පොරොන්දුවක් දෙනතෙක් මෙම වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වාණිජ කාර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මහතා කියා සිටියේය.