දේශීය පුවත්

කොළඹ පොත් ප්‍රදර්ශනයට ගිය අයෙකුට කොරෝනා ආසාදනය වෙයි

හලාවත, ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයා පසුගිය මස 23 වෙනිදා කොළඹ බණ්ඩාරනායක පොත් ප්‍රදර්ශනයට පැමිණ ඇති බවට අනාවරණය වී ඇත. එමෙන්ම ඔහු එදින කොළඹ බස් නැවතුම් පොළේ ගැවසී ඇති අතර සැප්තැම්බර් මස 30 වෙනිදා නුවරඑළිය ප්‍රදේශයට ද ගොස් ඇත.

AV Rase

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button