දේශපාලන පුවත්

කොළඹ නගර සභාව මුල්‍ය අර්බුධයෙන් බේරීමට බැංකුවකින් මිලියන 600ක ණයක් ගැනීමට යයි

කොළඹ මහ නගර සභාව දැඩි මූල්‍ය කොළඹ නගර සභාව මූල්‍ය අර්බුධයකට ලක්ව ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරනු ලැබේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ආදායම් අහිමි වීමත්, අමතර වියදම් දැරීමට සිදුවීමත්, මෙම තත්ත්වයට හේතු වී ඇතැයි එහි නිලධාරීහු පවසති.

AV Rase

ඊට පිළියමක් ලෙස මහා සභාවේ අනුමැතිය මත රුපියල් මිලියන 600ක බැංකු ණයක් ලබාගෙන ඇතැයිද භාණ්ඩාගාරික දෙපාර්තමේන්තුව පැවසීය.

නාගරික භාණ්ඩාගාරික සුනේත්‍රා පතිරත්න මහත්මිය සඳහන් කළේ, මේ වනවිට නගර සභාවේ බැංකු අයිරාව රුපියල් මිලියන 1800ක් බවද ස්ථාවර තැන්පතු අරමුදල රුපියල් මිලියන 2000ක් පමණ වන බවය.

මේ පිළිබඳව කරන ලද විමසුමකදී නාගරික කොමසාරිස් රෝෂිනි දිසානායක මහත්මිය පැවසුවේ කොරෝනා වසංගත තත්ත්වය මත නගර සභාවට හිමි ආදායම අහිමි වීමත්, අමතර වියදමක් දැරීමට සිදුවීමත් නිසා රුපියල් මිලියන 600ක ණයක් ලබාගැනීමට සිදුවූ බවය.

කොවිඩ් -19 නව කොරෝනා වෛරසය නගරයට කළ බලපෑම කොපමණ වුවද එදිනෙදා පොදු සේවාවන් එලෙසින්ම පවත්වාගෙන යාමට සිදුවනු ඇතැයිද ඇය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button