දේශීය පුවත්
කොළඹ නගර සභාවේ සේවකයින්ට හදිසියේම PCR පරීක්ෂණ කිරීමට තීරණය කරයි
Colombo Municipal Council employees suddenly decide to undergo PCR tests

කොළඹ මහ නගර සභාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් PCR පරීක්ෂණයට භාජනය කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ, එහි කාර්ය මණ්ඩල සාමාජිකාවකගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසුවය.
නගර සභාවේ ප්‍රකාශකයෙකු පැවසුවේ, අදාළ සේවිකාවගේ මව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවිකාවක වන බවය.
නගර සභාවේ සේවිකාව මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව ද වාර්තා වේ.
ඇය කොළඹ නගර සභාවේ ව්‍යාපෘති අංශයේ සේවිකාවක වන අතර ඒ අනුව ව්‍යාපෘති අංශයේ සියලු කාර්ය මණ්ඩලය සහ සෙසු අංශවල අහඹු ලෙස තෝරා ගනු ලබන සේවක සේවිකාවන් පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බව නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.