දේශීය පුවත්

කොළඹ නගරයේ දී අහඹු ලෙස පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය බැලීමට යුද හමුදා යතුරුපැදි කණ්ඩායම් 05ක්

යුද හමුදා විශේෂ යතුරුපැදි බලගණයේ කණ්ඩායම් විසින් කොළඹ නගර සීමාවේදී අහඹු ලෙස පුද්ගලයින් ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමට කටයුතු යොදා ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මෙම යුද හමුදා විශේෂ යතුරුපැදි බලගණය කණ්ඩායම් දෙකක් කොළඹ නගර සිමාවේද අනෙක් කණ්ඩායම් 03 ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ද මෙලෙස අහඹු ලෙස පුද්ගලයින් ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම සිදුකරනු ලබන බවයි එම ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

AV Rase

මේ අතර කටුනායක DPL ග්ලව්ස් පුද්ගලික සමාගමේ සේවකයින් 07 දෙනෙකුට ද Okaya Lanka ආයතනයෙන් සහ මීගමුවේ පිහිටි Ansen Lanka ආයතනයෙන් එක් කොරෝනා ආසාදිතයා බැගින් වාර්තා වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button