දේශීය පුවත්

කොළඹ කොවිඩ් පොකුරු හඳුනාගැනීමේ මෙහෙයුමට කණ්ඩායම් 6ක්

කොළඹ නගරය තුළ කොවිඩ් -19 වෛරසය පැතිරයෑම වැළැක්වීම සඳහා මේ වන විට කණ්ඩායම් 6ක් සේවයේ යොදවා ඇතැයි කොළඹ මහනගර සභාවේ, ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

ඔවුන්ගේ ප්‍රධානතම කාර්යභාර්ය වන්නේ කොළඹ නගරයට යම්හෙයකින් ඇතුළු වී ඇති ආසාදිතයින් සිටී නම් ඔවුන් සොයා ගෙන එම ස්ථානයට සීමාකිරීම වන බව ද ඒ මහතා කියා සිටියේය.

AV Rase

ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සොයා ගෙන ඉන් ඔබ්බට මෙය පැතිරවීම වැළැක්වීම, කොළඹ නගරය තුළම මෙය නවතා ගැනීම හා කොළඹ නගරයෙන් එළියට මෙය උතුරා යෑම වළක්වා ගැනීම යන මුලික කරුණු ඔස්සේ මෙම කණ්ඩායම් සෞඛ්‍ය නිලධාරීවරු 6 දෙනෙක් යටතේ, මහජන පරීක්ෂකවරු 49 දෙනෙකු සමග ක්‍රියාත්මක වන බවත් වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය.

අධිඅවදානම් සහිත පිරිස් තෝරා ගෙන ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ පළමුවෙන්ම සිදුකරනු ලබන බවත් පැවසු ඒ මහතා, පසුගිය මාර්තු මාසයේ සිට මේ වන විට කොළඹ නගරය තුළ පමණක් 8833ක් පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති බවත් සඳහන් කළේය.

“ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා ඉදලා මේ දක්වා 2884ක් පීසීආර් පරීක්ෂණ කරලා තියෙනවා. එයින් 11 දෙනෙක් පොසිටිව් කියලා ඇවිත් තියෙනවා. මේක ප්‍රසන්ටේජ් එකක් විදියට ගත්තාම 0.35ක විතර ප්‍රමාණයක්. මෙහිදී වැඩි අවධානම් අය තමයි පොසිටිව් විදියට දැනගන්න ලැබුණේ.“

Source : AdaDerana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button