කොවිඩ් වැළදුණු විදේශිකයෙකු හමු වීම මත මාතර නගරය හුදකලා ප්‍රදේශයක් කරයිද?
Will Matara become an isolated area on the encounter with a foreigner who has contracted Kovid?

කොවිඩ් 19 ආසාධනය වූ රුසියානු ගුවන් යානයේ කාර්යමණ්ඩල සාමාජිකයා මාතර සුපිරි වෙළඳසැලකට යාම හේතු කොට ගෙන එම නගරය හුදකලා කිරීම පිළිබඳව සෞඛ්‍ය අංශ සලකා බලමින් සිටින බව ECONOMYNEXT වාර්තා කරයි.
නම හෙළි නොකිරීමේ පදනම මත ඊට අදහස් දක්වා ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරියෙකු ඒ බැව් තහවුරු කළ බව එම පුවත් සඟරාව වාර්තා කර තිබේ.

මෙම ආසාධිතයා හා ඔහුගේ මිතුරෙකු මාතර නගරයේ සුපිරි වෙළඳ සැලකට ත්‍රිරෝද රථයකින් ගොස් තිබෙන බව වාර්තා වී ඇති අතර එහිදී ඔවුන් හා ගැටුණු පිරිස් සොයා පොලීසිය මේ වන විටත් මෙහෙයුමක් දියත් කොට තිබේ.
මේ අතර මෙම රුසියානුවන් පිරිස රැඳී සිටි හෝටලයේ සේවක පිරිස හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 100 – 150 අතර පිරිසක් හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීම කටයුතු සුදානම් කර ඇත.
රුසියානු ආසාධිතයා හා ඔහු සේවය කරන ගුවන් යානයේ අන් කාර්යමණ්ඩල සාමාජිකයින් මාතර නගරයට ඉතා කිට්ටු පොල්හේන ප්‍රදේශයේ නිදහසේ සැරි සරා ඇති බවද මේ වන විට තහවුරු වී තිබේ.
සැප්තැම්බර් 13 වන දින මත්තල ගුවන් තොටුපළට පැමිණි 15 දෙනෙකුගෙන් යුත් මෙම කාර්ය මණ්ඩලයේ සිටි 52 හැවිරිදි පුද්ගලයෙකුට කොවිඩ් 19 ආසාධනය වී ඇති බව ඉකුත් 22 වනදා තහවුරු වී ඇත.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයට හෝ සෞඛ්‍ය නිලධාරීන්ට මෙවන් පිරිසක් නිරෝධායනය වන බව දැනුම් දී නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කරයි.