දේශීය පුවත්
කොවිඩ් ආසාදනය වූ රුසියානුවා මාතර නගරයේ සැරිසරා ඇති බව හෙළි වෙයි
It has been revealed that a Russian infected with Kovid has been roaming in Matara

මාතර පොල්හේන ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටියදී කොරෝනා වෛරසය ආසාධනය වූ රුසියානු ජාතිකයා කොව්ඞ් ආසාධිතයෙකු බවට හදුනාගන්නා තෙක් ඔහු පිළිබද ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත කිසිදු දැනුම්දීමක් අදාල බළධාරීන් විසින් සිදුකර නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ ඔවුන් ගුවන්තොටුපළ මාර්ගෝපදේශ වලටද අනුගත නොවෙමින් ප්‍රදේශයේ නොයෙක් ස්ථාන වෙත ගමන්කර ඇති බවයි.
එබැවින් ඔවුන් ගමන්ගත් ස්ථාන පිළිබද සොයාබලා අවශ්‍ය පුද්ගලයින් නිරෝධායන කටයුතු සදහා යොමුකරමින් තිබෙනවා.