දේශීය පුවත්
කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් මූලස්ථානයේ 07කට කොරෝනා

බ්‍රැන්ඩික්ස් සමාගමේ කොල්ලුපිටියේ ප්‍රධාන කාර්යාලයේ හත් දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
ඔවුන් සම්බන්ධයෙන් කරන ලද කොරෝනා පරීක්ෂාවේ දී එහි නිලධාරීන් හත්දෙනකු ආසාදිතයන් බව හෙළි වී ඇතැයි කොරෝනා වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටී.
එසේ වෛරසය ආසාදිත 07 දෙනාම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් ය.
ඔවුන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව ද හඳුනාගෙන ඇත.