කොරෝනා හේතුවෙන් ලංගම අදායම ඉහළට – දුම්රිය අදායම පහළට

කොරෝනා වසංගත තත්වයත් සමග අඩාල වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම නැවතත් ඉහළ ගොස් ඇත.
එම මණ්ඩලයේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේ වසංගත තත්වයට පෙර ලංගම දිනක ආදායම රුපියල් මිලියන 71 ක් වැනි අගයක තිබූ බවය.

එහෙත් කොවිඩ් වසංගත තත්වයත් සමඟ එය මිලියන 50 ත් 55 ත් අතර අගයකට අඩුවී තිබු බව සඳහන්.
කෙසේ වෙතත් ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම මේ වනවිට නැවතත් රුපියල් මිලියන 69 ක් වැනි අගයකට ඉහල ගොස් ඇත.
ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ විශාල සංඛ්‍යාවක් මේ වන විට අලුත්වැඩියා කර නැවතත් ධාවනයට එක් කිරීම සහ තවත් අංග කිහිපයක් හඳුන්වා දී මණ්ඩලයේ ආදායම තවත් ඉහළ නංවා ගැනීමට එම මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ.
මේ අතර කොරෝනා වසංගත තත්වයට පෙර දෛනිකව ඉපැයූ රුපියල් මිලියන 18ක ආදායම මේ වනවිට මිලියන 5 දක්වා අඩුවී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේ කාර්යාල දුම්රිය වෙත එන මගීන්ගේ අඩුවක් නොමැති නමුත් දුර ගමන් සේවා භාවිත කරන මගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බවය.
බදුල්ල රාත්‍රී දුම්රිය, මහනුවර, කන්කසන්තුරේ, පොළොන්නරුව, ඛෙලිඅත්ත සහ යාපනය යන දුර ගමන් සේවා භාවිත කරන මගීන් සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.