දේශීය පුවත්

කොරෝනා හමුවේ ඉස්ලාම් පල්ලිවලට පණවා තිබු නීති කිහිපයක් ඉවත් කර දැමේ

කොරෝනා වසංගතයෙන් තත්වයක් සමග ඉස්ලාම් පල්ලි සඳහා පණවා තිබූ සීමාවන් කිහිපයක් ඉවත් කර තිබේ.

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වෛරස ව්‍යාප්තියට පෙර පැවති අයුරින් පූර්ණ කාලීනව ආගමික ස්ථාන විවෘත කර පවත්වාගෙන යාමට මේ වනවිට අවසර දී ඇති බවය.

එමෙන්ම පොදු ජල කරාම සහ වැසිකිළි සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කල රෙගුලාසි කිහිපයක්ද ඔවුන් ඉවත් කර ඇත.

කෙසේ වෙතත් ඉස්ලාම් පල්ලි අභ්‍යන්තරයේ ඉදි කර ඇති ජල තටාක බැතිමතුන් වෙනුවෙන් තවදුරටත් වසා තැබීමටයි ඉස්ලාම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එම නිවේදනයෙන් උපදෙස් ලබාදී තිබේ.

රෙගුලාසි කිහිපයක් ඉවත් කෙරුණද සියලු කටයුතු ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යා යුතු බවය අදාල නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button