කොරෝනා වෛරසය වැළඳුණු ගම්පහ ගුරුවරයාගේ ආශ්‍රිතයන් 152 දෙනෙක් PCR පරීක්ෂණයට යොමු කරයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ගම්පහ ප්‍රදේශයේ භෞතික විද්‍යා ගුරුවරයාගේ ආශ්‍රිතයින් කිසිවෙකුටත් එම වෛරසය ආසාදනය වී නොමැති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුභාස් සුබසිංහ ප්‍රකාශ කර සිටිනවා.
නිරෝධායනයට යොමු කර තිබූ එම ගුරුවරයාගේ පාසැලේ ආශ්‍රිත ගුරුවරුන් හා ළමුන් 52ක් පමණ සහ උපකාරක පංති ආශ්‍රිතයින් 100 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකළ අතර එම වාර්තාවල ප්‍රථිපල අනුව ඒ කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වූ බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළා

අදාළ ගුරුවරයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 19 වෙනිදා තහවුරු විණි
මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරුන් රැගෙන ගිය රියදුරෙකුගෙන් මෙම ගුරුවරයාට වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය විය.
එම ගුරුවරයා ගම්පහ ප්‍රදේශයේ විදුහලක ඉගැන්වීම් කටයුතු සිදුකර තිබූ අතර ඔහු උපකාරක පංති ද පවත්වා තිබූ බව පසුව සොයා ගැනුණි.
මේ හේතුවෙන් අදාළ පාසැලේ එම ගුරුවරයා ආශ්‍රිත ගුරුවරුන් හා ළමුන්, උපකාරක පංති සඳහා සහභාගි වූ ළමුන් සහ එම නිවෙස්වල සාමාජිකයින් සොයා ඔවුන් සියල්ලන්ම නිරෝධායනයට යොමු කෙරුණි.