ගොසිප් පුවත්
කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිකාර ක්‍රමවේදයක් සොයන 14 හැවිරිදි දැරිවිය

කොරෝනා වෛරසයට නිශ්චිත ප්‍රතිකාරයක් සොයමින් ලොවපුරා විද්‍යාඥයෝ වෙහෙසෙති. ඒ අතර 14 හැවිරිදි ගැහැණු දරුවෙක් ඉදිරියෙන් ම සිටින බව සී එන් එන් පුවත් සේවය වාර්තා කරයි.
අනිකා චේබ්රොලු, අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ජීවත් වන අතර ඇය පසුගියදා පැවති ‘2020 3M Young Scientist Challenge’ ශූරතාවය ජය ලැබුවාය. ඒ වෙනුවෙන් ඇයට ඇ ඩො 25,000ක් ද ලැබුණි.
ඒ, වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් සොයාගැනීමක් වෙනුවෙනි. එය කොවිඩ් -19 සඳහා සුදුසු ප්‍රතිකාරයක් ලෙස වැදගත් වෙතැයි සැලකේ.
අනිකාට ජයග්‍රහණය හිමිකරදුන් නව සොයාගැනීම වූයේ “in-silico” නම් ක්‍රමවේදය හරහා SARS-CoV-2 වෛරසයේ ප්‍රධාන ප්‍රෝටීනය ට බලපෑම් එල්ල කර එහි ක්‍රියාකාරීත්වයට ගැටලු ඇතිකිරීමය.