දේශීය පුවත්

කොරෝනා රෝගීන් 196 අදත් කන්දකාඩු වලින් හමුවෙයි

කන්දකාඩු මධ්‍යස්ථානයේ තවත් 196කට කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.

එම මධ්‍යස්ථානයෙන් ඊයේ (09) දිනයේදී හඳුනා ගත් රෝගීන් 56 දෙනා සමඟ මේ වන විට එම ස්ථානයෙන් හඳුනා ගෙන ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 252කි.

AV Rase

මේ වන විට එම මධ්‍යස්ථානය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීමේ රෝහලක් බවට පරිවර්තනය කර තිබෙනවා.

යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමු වූ ආසාදියතන්ට එමගින් ප්‍රතිකාර කිරීමට කටයුතු යොදා ඇති බවයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ එම ස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ සිදුකළ PCR පරීක්ෂණ වලින් මේ වන විට ලැබී ඇති පරීක්ෂණ වාර්තා 338 කගේ ප්‍රථිපල අනුව මෙම රෝගීන් 252 වාර්තා වී ඇති බවයි.

ඒ අනුව තවත් රෝගීන් හමුවීමේ ප්‍රවණතාවක් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට හඳුනාගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාව ඇසුරුකළ හලාවත මාරවිල ප්‍රදේශයේ නිවාස 10ක පුද්ගලයින් 40 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඇයගේ පවුලේ සාමාජිකයින් ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත අතර ඔවුන් ද ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

තවද කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කරන නිවාඩු ගොස් සිටි උපදේශක උපදේශිකාවන් 08 දෙනෙකු නැවත ගෙන්වා ගැනීමට ද පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ පිළිබඳ මහජනතාවගේ සැලකිලිමත්භාවය ගිලිහී යමි ඇති බවත් නිරෝධායන නිතිරීති ලිහිල් කලද සියළු දෙනා සෞඛ්‍ය උපදෙස් නියමාකාරයෙන් පිළිපඳිය යුතු බවද වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

ඒ අනුව මෙරට දී දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙය වන අතර මිට පෙර ඉකුත් මැයි මස 27 වෙනිදා රෝගීන් 150 දෙනෙක් සහ ඊට පෙර දින එනම් මැයි 26 වෙනිදා රෝගීන් 137 දෙනෙකු වාර්තා වුණා.

මේ වන විට ශ්‍රී ලංකාව තුල සමස්ථ කොරෝනා ආසාධිතයන් ගණන 2350ක් වන අතර වෛරසය ආසාධනය වී පුර්ණ සුවය ලැබූ ගණන 1979ක් ලෙසයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button