ක්‍රීඩා පුවත්

කොරෝනා මැඩලූ අපි ලෝකයට පේන්න ‘ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්’ පැවැත්විය යුතුයි

කොරෝනා වෛරසම පැමිණ මුල් අවස්ථාවේ මුළු ලෝකෙම රටවල් වැසූ නිසා ශ්‍රී ලංකාව ද වසා දැමූ බව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන්ද සිල්වා මහතා සඳහන් කරයි.

නමුත් මේ මොහොතේ රට පූර්ණ ලෙස වසා දැමීමේ අවශ්‍තාවක් නැතැයි ද ඔහු කියා සිටියේය.

AV Rase

මේ සඳහා එන්නතක් සොයා ගන්නා තුරු වෛරසය පැතිර පවතිනු ඇති බවත් එතෙක් ජනතාව වෛරසය සමග ජීවත්වීමට හුරුවිය යුතු බවත් ඒ මහතා පැවසීය.

ඉදිරියේදී සංවිධානය කර ඇති පරිදි ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පවත්වන බවත් පැවසූ ඔහු අද වන විටත් ශ්‍රී ලංකාව සිටින්නේ කොරෝනා පාලනයේ ඉහළම තැනක යයිද කියා සිටියේය.

ලෝකයට පෙන්වීම සඳහා මෙවන් තරගාවලි පැවැත්විය යුතු බවත් කොරෝනා අවසන් වූ පසු ලෝකය මෙවන් කටයුතු සම්බන්ධයෙන් ඇගයීමක් කරනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

දෙරණ රූපවාහිනි සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button