දේශීය පුවත්

කොරෝනා පාලනයට නිරෝධායන නිති දැඩිව කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වයි

කොවිඞ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා නිරෝධායන නීති දැඩිව කි‍්‍රයාත්මක කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.

ප‍්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇදිරී නිතිය පනවා තිබුණද ඇතැමුන් එම තත්ත්වයන් නොසලකා හරමින් කටයුතු කරමින් සිටින බවයි එම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

එසේ නොවුන හොත් පවත්නා තත්ත්වය නරක අතට හැරීම අනතුරක් පවතින බවද ඔවුන් සෞඛ්‍ය බලධාරීන් වෙත පෙන්වා දී තිබෙනවා. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම ආරම්භ වූ මුල් අවස්ථාවේදීමෙන් මේ වන විට කොරෝනා පාලනය සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිසි සම්බන්ධීකරණයක් නොමැති බවද විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ඒ අනුව දැනට වඩා දැඩි සීමා කිරීම් කි‍්‍රයාත්මක කළ යුතු බවයි ඔවුන්ගේ අදහස වන්නේ. එමෙන්ම එක් එක් ආයතන වලට සේවකයින් පැමිණිමේදී පොදු ප‍්‍රවාහන සේවා යොදා ගැනීම අවම කර අදාල ආයතන මගින් පුද්ගලික ප‍්‍රවාහන සේවා සැපයීමට පියවර ගත යුතු බවද අදාල වෛද්‍යවරුන් සෞඛ්‍ය බලධාරීන් වෙත පෙන්වා දී ඇති බවයි වාර්තා වුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button