දේශීය පුවත්

කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

ජෛව පටල සාම්පල ලබා ගැනිමට පැමිනි අයෙකු එය ලබා දිමට පෝලිම් තුළ රැදි සිටියදී හදිසියේ ඇතිවු හෘද්‍යාබාධයක් ඇති විමේන් මරණයට පත්ව ඇති බව කල්පිටිය පොලිසිය කියයි .

මෙසේ මරණයට පත්ව ඇත්තේ කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි මර්ණකුලසුරිය දිලුප් ප්‍රසාද් මොනිදර්  32 හැවිරිදි එක්දරු පියකු බව කියයි.

AV Rase

මරණයට පත් අය කල්පිටියේ සිට පැලියගොඩ මත්ස්‍ය වෙළද සංකිර්ණයට මාළු ප්‍රවාහනය කරනු ලබන ශීතාගාර සහිත ලොරි රථයක රිය සහයකවරයකු ලෙස සේවය කරමින් සිටි බව කියයි.

අදාල මරණයට පත් තැනැත්තා ඇතුළු තෝරා ගත් 40 කට ආසන්න පිරිසක් 24 දින උදෑසන  කල්පිටිය මුලික රෝහල ( බී) වෙත නියැදි කෙදි පරික්ෂාව (පි.සි.ආර්) ලබා ගැනිම සදහා කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් කැදවා ඇති බව කියයි.

එසේ පි.සි.ආර් පරික්ෂණය සදහා පැමින සිටි මරණයට පත් තැනැත්තා ජෛව පටල සාම්පල ලබා ගැනිමට පෝලිමේ රැදි සිටියදී  හදිසියේ ඇතිවු හෘද්‍යා බාධයක් හේතුවෙන් ඇදවැටි ඇති බව කියයි.

ඒ සමගම රෝහල් වෛද්‍ය වරුන් ඇතුළු කාර්ය මංඩලය මෙම තැනැත්තාගේ ජීවිතය බේරා ගැනිමට දැවැන්ත උත්සහයක් ගෙන තිබුනද විනාඩි කිපයක් තුලදි මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කෙසේ වෙතත් මරණයට පත් තැනැත්තාගේ ඥාතින් පවසන්නේ මිය ගිය පුද්ගලයාට කුඩා කල සිට ශ්වසන පද්ධතිය ආශ්‍රීත රෝග රැසකට ගොදුරුව ප්‍රථිකාර ලබමින් සිටි බවය.

අදාල මරණය සම්බන්ධව කල්පිටිය මුලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ වරයාගෙන් කල විමසිමේදි පවසා සිටියේ

“ මෙම මරණයට පත් තැනැත්තා ඇතුළු පිරිසක් පි.සි.ආර් පරික්ෂණය සදහා යොමුකර සිටියදී මෙම මරණය සිදුව ඇති බවත් මරණය සම්බන්ධව ඉදිරි පරික්ෂණ වලින් පසුව තොරතුරු ලබා දිය හැකි බවයි .

මරණයට පත් තැනැත්තාගේ සිරුර දැඩි සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රම අනුගමනය කරමින් කල්පිටිය රෝහලේ සිට පුත්තලම මුලික රෝහල වෙත යැවිමට කටයුතු කර තිබු අතර මෘත දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණ එහිදි සිදු කිරිමට නියමිතව තිබුනී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button