දේශීය පුවත්

කොරෝනා නිසා සංචාරයට හිතකර නොවන රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

කොරෝනා වෛරසය හේතුවෙන් සංචාරයට අනාරක්ෂිත රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට අයත් නොවන රටවල් කිහිපයක ලැයිස්තුවක් බ්‍රිතාන්‍ය පසුගිය සතියේ දී ප්‍රසිද්ධියට පත්කළ අතර ශ්‍රී ලංකාව ඊට ද ඇතුළත් නොවීය.

ඒ අනුව නිදහස් කරන ලද රට වල සිට බ්‍රිතාන්‍යට පැමිණෙන සංචාරකයන් අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යටත් නොවන බව බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු පිළිබඳ කාර්යාලය සඳහන් කළේ.

බ්‍රිතාන්‍යයේ විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ කාර්යාලය ඉකුත් (04) වනදා යාවත්කාලීන කිරීම් කළ අතර ගෝලීය සංචාරක උපදෙස් මාලාවක් ද නිකුත් කරනු ලැබුවා.

බ්‍රිතාන්‍ය වැසියන්ට සංචාරයට සුදුසු සෞඛ්‍ය අවදානමක් නොමැති රටවල් ලැයිස්තුවක් එම කාර්යාලය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබෙනවා.

යුරෝපයේ, අමෙරිකානු කලාපයේ, ආසියා ශාන්තිකර කලාපයේ, අප්‍රිකානු සහ ඇන්ටාක්ටිකා කලාපයේ රටවල් ඊට අයත් වුණා.

ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව, සිංගප්පූරුව, ප්‍රංශය , ග්‍රීසිය, ඉතාලිය සහ ජර්මනිය යන රටවල් බ්‍රිතාන්‍ය වැසියන්ට සංචාරයට ආරක්ෂිත රටවල් ලැයිස්තුවට ඇතුළත්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.

Back to top button