ක්‍රීඩා පුවත්
කොරෝනා නිසා නැවතුනු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ අද සිට ආයෙත් ඇරඹේ

කොරෝනා වසංගතයත් සමග තාවකාලිකව නතර කෙරුණු ජාත්‍යන්තර කි‍්‍රකට් තරග අද (08) සිට ආරම්භ වනවා.
ඒ අනුව සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය සදම්ප්ටන්හිදී අද ආරම්භවීමට නියමිතයි.
මාස 03 කට අධික කාලයකින් පසු ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ පැවැත්වෙන පළමු තරගය ද මෙය වනවා.
තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය ආරම්භවීමට පෙර කොදෙව් කී‍්‍රඩකයින් දින 14 ක නිරෝධායන කි‍්‍රයාවලියකට ද යොමු කෙරුණා.
මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුවයි.
ඒ අනුව ඛේටය යොදාගෙන පන්දුව පිරිමැදීම ද තහනම් වනු ඇති.