විදෙස් පුවත්

කොරෝනා නිසා ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක් ආයෙත් අගුලු දමයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහල යෑමත් සමග වික්ටෝරියා හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අතර දේශ සීමාව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම නියෝග බදාදා (08) සිට ක්‍රියාත්මක වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙය පූර්වාරක්ෂක පියවරයන්ගෙන් එකක් බවත් එමගින් වෛරසය පුළුල් ලෙස පැතිරීම පාලනය වනු ඇති බවත් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

කෙසේ වුවද දේශ සීමාව නැවත විවෘත වන්නේ කවදාද යන්න ඔහු සඳහන් කර නැහැ.

වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නගරයෙන් පසුගිය සති 02 තුළ සිය ගණනක් රෝගීන් වාර්තා වී ඇති අතර එය ඕස්ට්‍රේලියාවේ නව ආසාදන වලින් 95%කට වඩා වැඩි බව සඳහන්.

සඳුදා (06) දිනයේ පමණක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව රෝගීන් 127 දෙනකු වාර්තා වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ නිරෝධායන කටයුතු සඳහා යොදාගත් හෝටල් වල ආරකෂක භටයන් සහ අමුත්තන් නීති කඩකිරීම හා නොසැලකිලිමත් බව හේතුවෙන් ආසාදන ඉහල ගිය බවයි බලධාරීන් පවසන්නේ.

ආසාදිතයන්ගෙන් 80%කට වැඩි පිරිසක් ප්‍රජාව අතරින් වාර්තා වී තිබෙන බව ද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button