ගොසිප් පුවත්
කොරෝනා ආසාදිතයෙකු සුවය ලැබීමට යන කාලය ගැන අමෙරිකාවේ ශී‍්‍ර ලාංකික විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනාවරණයක්

කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාධිතයෙකුට සුවය ලැබීමට දින 45 ක් අවශ්‍ය නොවන බව අමෙරිකාවෙ සවුත් කැරලිනාහි රෝක්හිල් වෛද්‍ය ආයතනයේ කායික පුනරුත්ථාපන විශේෂඥ වෛද්‍ය මාලිකා ජයසූරිය පවසනවා.
ඇය වැඩිදුරටත් සදහන් කළේ වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුට යළි එම වෛරසය ආසාදනය වුවත් එම පුද්ගලයාගෙන් වෙනත් කිසිවෙකුට වෛරසය ආසාදනය නොවන බවයි.

කොරෝනා වෛරසයෙන් මිදීමට ජනතාව වැඩි අවධානයක් යොමු කරන්නේ නම් වෛරස ව්‍යාප්තිය අවම කිරීමට හැකි බවයි විශේෂඥ වෛද්‍ය මාලිකා ජයසූරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ.