ගොසිප් පුවත්
කොරෝනා අස්සේ, සිය පවුල අමෙරිකාවේ තනි කරමින් Sunny Leone මුම්බායි නගරයට පැමිණෙයි

මාස හයකට පසුව තමන් මුම්බායි නගරය වෙත පැමිණි බව සුරූපී නිළි සනී ලියෝන් පවසනවා.
ඇය මේ බව කියා සිටියේ, සිය සමාජ මාධ්‍ය ගිණුම්හි සටහනක් තබමින්.
ඊට තමන් ගුවන් යානයේදී ගත් ඡායාරූපයකුත් එක් කිරීමටයි ඇය කටයුතු කර තිබුණේ.
අදාළ ඡායාරූපයේදී ඇය නිල් පැහැති අව් කණ්ණාඩියක් සහ කළු පැහැති මුව ආවරණයකින් සහ කබායකින් සැරසි සිටියා.

මුම්බායිහි වෙත පැමිණීමෙන් අනතුරුව ගුවන්තොටුපළේදී ගත් ඡායාරූපයක් තම සමාජ මාධ්‍ය ගිණුම වෙත එක් කරමින් ඇය ප්‍රකාශ කර තිබුණේ, අද දිනය අවසන් කිරීමට අවශ්‍ය බවයි.
එහිදී ඇය සිය මුව ආවරණය සහ කබාය ඉවත් කරමින් ගත් ඡායාරූපයක් ද එක් කර තිබුණා.

පසුගිය මාස හයක් පුරා අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හිදී තම පවුලේ උදවිය සමඟ ඇය ගත කරමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙවර ඇය මුම්බායි බලා පැමිණ ඇත්තේ තනිවම වීමත් විශේෂත්වයක් වනවා. ඉන්දියාව තුළ කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහළ යමින් සිටින අවස්ථාවක සනි ලියෝන්ගේ පැමිණීම පුදුමයක් එක් කරන බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.





