දේශීය පුවත්
කොරෝනා අස්සේ මඟුල් කන්න බැරුව හිටිය අයට, සෞඛ්‍ය අධ්යක්ෂ අනිල් ජාසිංහ දුන්නු සහතිකය – Video

විවාහ උත්සවවලට අදාළ රේගුලාසි කිහිපයක් ඉදිරියේදී…
මංගල උත්සව පැවැත්වීම සඳහා කොන්දේසි සහිතව අවසරය හිමිවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
ඒ අනුව අදාළ උත්සව ශාලාවේ පුද්ගල ධාරිතාවයෙන් හරි අඩකට සහභාගී කරවගනිමින් එම උත්සව සනීපාරක්ෂක ක්‍රම භාවිත කරමින් පැවැත්විය හැකිබවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත් විවාහ උත්සව පැවැත්වීමට අදාළ රෙගුලාසි ඉදිරි දින කිහිපය තුළ නිකුත්කෙරෙන බවද ඔහු කියා සිටියා.
මීට අමතරව වෙනත් සමාජමය අවස්ථා පැවැත්වීම සඳහා වන රෙගුලාසි ද ඉදිරියේදී නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.