විදෙස් පුවත්

කොරෝනා අස්සේ, කුණු කාණුවකින් ඇවිත්, කාර්ය මණ්ඩලයම ප්‍රාණ ඇපකරුවන් කරගෙන, කොල්ලකරුවන් පිරිසක් සිදු කළ කෝටි ගණනක බැංකු මංකොල්ලය

සන්නද්ධ කොල්ලකරුවන් පිරිසක් ඉතාලියේ මිලාන්හි කළ බැංකු මංකොල්ලයක් පිළිබඳව තොරතුරු එරට මාධ්ය විසින් පසුගිය දිනෙක වාර්තා කර තිබුණා.
 
ඔවුන් මෙම මංකොල්ලය සිදු කිරීමට පැමිණ ඇත්තේ මළ අපද්රව්ය පවාහනය කරන කාණුවක් දිගේ බඩ ගාමිනුයි.
 
එසේ පැමිණි හොර කල්ලිය ආරක්ෂිත තැන්පතු පෙට්ටි කිහිපයක්ම සොරකම් කර ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා සඳහන් කළේ.


එදින (පෙරේදා දිනයේ) උදෑසන 8.30ට පමණ මෙම කල්ලියේ කොල්ලකරුවන් දෙදෙනෙකු පියසා අස්කෝලි හි පිහිටි මේ බැංකුවට ඇතුළු වී කාර්ය මණ්ඩලයට තුවක්කු පෙන්වා මෙම මංකොල්ලය ආරම්භ කොට තිබෙනවා.
 
භූගත උමඟක් හරහා තවත් සාමාජිකයින් දෙදෙනෙකු පැමිණ ඇති බව සඳහන්.
 
“මංකොල්ලයක්” ලෙස කෑ ගැසූ බැංකු කළමණාකාරු හා තවත් කාර්ය මණ්ඩල සාමාජීකයෙකු ඔවුන් විසින් ප්රාණ ඇපයට ගෙන තිබුණා.
 
කෙසේ හෝ එයින් එක් සේවකයෙකු පැන යාමට සමත්ව තිබෙනවා.
 
පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු අපද්රව්ය කාණු පද්ධතියට ඇතුළුව කොල්ලකරුවන් ලුහුබැඳ යාමට උත්සහා කළද එය ව්යර්ථ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
 
කෙසේ වෙතත් කළමණාකරුගේ හිසට පහර දී ඇති නමුත් කොල්ලකරුවන්, කාර්ය මණ්ඩල සාමාජිකයින්ට කිසිදු හානියක් සිදු කර නැහැ.
 
“කෙටි ගැටුමක් ඇති වුනු නමුත් ඔවුන් මට පහර දුන්නේ නැහැ”
 
කොල්ලකරුවන් රැගෙන ගිය ආරක්ෂිත තැන්පතු පෙට්ටි ගණන 20ක් පමණ වන අතර ඒවායේ අඩංගු මොනවාද යන්න තවමත් හෙළි කර නැහැ.
 
එරට පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
 
 
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button