දේශීය පුවත්

කොරෝනාවෙන් ලංකාවට ඉල්ලමක් පෑදේ. ශ්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්. වාර්තාගත මිලකට අලෙවි වේ.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග ශ්‍රි ලංකාවේ තේ සදහා ලෝක වෙලදපොලේ ඉහල ඉල්ලුමක් පවතින බවත්, එම ඉල්ලුම හමුවේ ශ්‍රි ලංකාවේ නිමි තේ කොළ කිලෝවක මිල වාර්තාගත ලෙස ඉහල ගොස් ඇති බව බගවන්තලාව වැවිලි සමාගමේ හැටන් කලාප භාර මෙහෙයුම් අධ්‍යක්ෂක සහ නොර්වුඩ් වතු යායේ වතු අධිකාරි ෆෙරොස් මජිත් මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ෆෙරොස් මජිත් මහතා කියා සිටියේ වසර ගණනාවක් කඩා වැටි තිබු මෙරට තේ කර්මාන්තය කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග යලිත් නගා සිටුවිමට අවස්තා උදා වු බවයි.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පැනවු ඇදිරි නිතිය හමුවේ රජය සෞඛ්‍යය අංශ සහ ආරක්ෂක අංශ තේ නිෂ්පාදන කටයුතු සෞඛ්‍යය අංශ ලබාදුන් නිර්නායකවලට අනුකුලව පවත්වාගෙන යන ලෙස ලබාදුන් අවසරය මත කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමට මුහුණ දෙමින් කඩා වැටි තිබු තේ කර්මාන්තය යලිත් නගා සිටුවිමට අවස්තාව උදා වු බවයි ෆෙරොස් මජිත් මහතා කියා සිටින්නේ.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් ලෝකයේ තේ නිෂ්පාදනය කරන රටවල් කිහිපයක් තේ නිෂ්පාදන කටයුතු නතර කර තිබියදි ශ්‍රි ලංකාවේ උඩරට සහ පහතරට තේ වැවිලි සමාගම් සහ කුඩා තේ වතු හිමියන් තේ නිෂ්පාදන කටයුතු සිදු කල නිසා ශ්‍රි ලංකාවේ තේ සදහා ලෝක වෙලදපොලේ විශාල ඉල්ලුමක් පවතින බවද මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා පැවසිය.

තේ වතු ආශ්‍රිතව වැඩ කරන ශ්‍රමිකයන්ට කොවිඩ් 19 වෛසරය පැතිර යාම වලක්වා ගැනිමට සෞඛ්‍යය අංශ විසින් ලබාදුන් උපදෙස් නිසි ලෙස පිලි පැදිම නිසා වතුකරයේ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම පාලනය කර ගැනිමට හැකි වු බව ෆෙරොස් මජිත් මහතා මාධ්‍යය හමුවේ වැඩි දුරටත් කියා සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ

Leave a Reply

Your email address will not be published.

Back to top button