දේශීය පුවත්

කොට්ටාව නගර සභා මාළු වෙළෙඳසැළේ 4කටත් කොවිඩ්

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කොට්ටාව නගර සභා මාළු වෙළෙඳසැළ තාවකාලිකව වසා දමා තිබේ.

කොට්ටාව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්. තිලකරත්න මහතා සඳහන් කළේ අදාළ මාළු වෙළෙඳසැළේ පුද්ගලයින් සිව් දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවය.

AV Rase

එම රෝගීන් සිව්දෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා කළුතර පිඹුර රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ පුද්ගලයින් සමග සෘජු සබඳතා පැවැත්වු පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට පියවර ගනිමින් සිටින බව ඩී.එම්. තිලකරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button