දේශීය පුවත්

කුලියාපිටිය බන්ධනාගාරයේ වහලය කඩා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවුදෙනෙකු පැනයයි

හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් සිව් දෙනෙකු පැනගොස් තිබෙනවා.

ඊයේ පස්වරුවේ ඔවුන් සිර මැදිරියේ වහලය කඩා පැනගොස් ඇති බවයි කුලියාපිටිය පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් සිව්දෙනා කබුරපොල, ගල්පොල, නාරංගොඩ හා අලහිටියාව ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන කි‍්‍රයාත්මකයි.

මේ අතර, වැලිකඩ බන්ධනාගාරයේ පිවිසුම් දොරටුව අසළදී සිරකරුවෙකු සඟවාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය මිලිග‍්‍රෑම් 200 ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

අධිකරණ කටයුත්තකට රැගෙන ගොස් ආපසු රැගෙන ආ අදාළ සිරකරුවා, සිය සෙරෙප්පුවක ඉදිරිපස පටි රඳවනයේ එම මත්ද්‍රව්‍ය සඟවාගෙන සිටි බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර බුද්ධි ඒකකය වෙත භාර දුන් බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.

Back to top button