දේශීය පුවත්

කුරුණෑගල නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි?

ආන්දෝලනයක් ඇති වී තිබෙන කුරුණෑගල නගර මැද පිහිටි කඩා දැමීමට ලක්ව ඇති ගොඩනැගිල්ල පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් නොවන බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා සඳහන් කරනු ලැබේ.

පුරාවිද්‍යා පනත අනුව ද පුරාවිද්‍යා ඉදිකිරීමක් ලෙස සැලකෙන්නේ 1815 ට කලින් සිදු කළ ඉදිකිරීම වුවත් මෙම ඉදිකිරීම් ඊට පසුව ඉංග්‍රීසි පාලන සමයේ එකක් යයි ඔහු කියා සිටියේය.

AV Rase

තමාට 8 පාස් නැති නූගතකු යයි චෝදනා කරන අයට ඔහු කියා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා හෝ මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට වඩා අධ්‍යාපන සුදුසුකම් එකක් හෝ ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙසය.

එසේ ඉදිරිපත් කර ඔප්පු කරන්නේ නම් තමන් නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button