කුරුණෑගල නගරාධිපති ඇතුළු 05 අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක්

13 වන සියවසට අයත් ඉපැරණි ගොඩනැගිල්ල විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුශාර සංජීව ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබේ.
ඔවුන් අත්අඩංගුවට ගැනීම අද (25) දිනය දක්වා වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (24) නියෝගයක් නිකුත් කරනු ලැබුවේය.

මෙම නියෝගය අතුරු තහනම් නියෝගයක් ලෙස අද ලබාදී ඇති අතර ඒ එච් එම් ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලයි නියෝගය නිකුත් කර ඇත.
කුරුණෑගල බුවනෙක හෝටලය ලෙස හැඳින්වූ ඉපැරණි ගොඩනැගිල්ල විනාශ කිරීමේ සිද්ධියට අදාළව නගරාධිපතිවරයා ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසටයි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 05 වනදා වරෙන්තු නිකුත් කළේය.
ඊට එරෙහිවයි නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොණු කර ඇති බව සඳහන්.