දේශීය පුවත්

කුනුහරුප වපුරන රාගම රෝහලේ නරුම සේවකයා

ආරෝග්‍යාපරමා ලාභා. නිරෝගීකම පරම සුවයයි.
මේ දිනවල කෝවිඩ් 19 රෝගය නිසා සෞඛ්‍ය කාර්ය්‍ය මණ්ඩලද දැඩි අවදාවමකට ලක්ව ඇති බව සැබෑවකි. ඔවුන් පමණක් නොව එ් නිසාම අනෙකුත් රෝගීන් ද දැඩි අසීරුතාවයට පත්ව තිබේ. මෙවැනි සිද්ධියක් රාගම රෝහලෙන් වාර්තා වේ. වෙෙද්‍යවරුන් කරුණාවන්ත වුවත් එහි රුධිර පරීක්ෂණ සදහා දින දෙන 03 වන කාමරයේ රසායනාගාර සහයකයා රෝගීන්ට පරුෂ වචනයෙන් බැන එළවාගන්නා බවට වාර්තා වේ. මේ නිසා දැඩි ජීවිත අවදානමේ සිටින හෘද රෝගීන් සහ අනිකුත් රෝගීන් හා ඔවුන්ගේ පවුල්වල අය දැඩි අපහසුතාවයට ලක්ව තිබේ. බලධාරීන්ගේ අවධානය මේ සදහා ඉක්මනින් යොමු වේවායි අපේක්ෂා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published.

Back to top button