කුඩු ජාවාරම්කරුවන්ගේ කෝටි 264 ක ගිණුම් අත්හිටුවයි

මත්කුඩු ජාවාරම්කරුවන්, මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් කෝටි 264 ක මුදල් සංසරණය වී තිබු ගිණුම් 102 ක් මේ වනවිට අත්හිටුවා ඇතැයි බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
මෙම ගිණුම් සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර මෙම අත්හිටුවීම සිදුකර ඇති බවද දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේය.
මෙම ගිණුම් අතර මෙරට මහපරිමාණ ජාවාරම්කරුවන්ගේ සහ මෙරටින් පලාගොස් සැඟව සිටින ජාවාරම්කරුවන්ගේ ගිණුම් ද වන බව ඒ මහතා කියා සිටියේය.
මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ ගෝලයන්ගෙන් ප්‍රශ්න කිරීමේ මෙම ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන ඇත.
මෙම ගිණුම් වලින් බොහොමයක් මුදල් ඉවත් කරගෙන තිබී ඇති බවද පොලිස් ආරචි මාර්ග කියයි.
මෙම මුදල් වලට අමතරව මෙම ජාවාරම්කරුවන්ගේ රුපියල් කෝටි ගණන් වු දේපළ මුදල් විශූද්ධිකරණය යටතේ රාජසන්තක කිරීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
ඉන්දිකා රාමනායක – ලංකාදීප