දේශපාලන පුවත්

කිරිකොඩු මන්ත්‍රීවරුන්ට අද හෙටම ඩියුටි ෆ්‍රී වාහන ලැබෙන ලකුණු

අභිනව පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීන් සඳහා තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම ඉතා ඉක්මණින් අරඹන බව මුදල් අමාත්‍යංශයේ ආරංචි මාර්ග වාර්තා කරනවා.

මෙහිදී මුලින්ම තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කෙරෙනු ඇත්තේ ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීන් 79 දෙනාටය.

AV Rase

ඉන් අනතුරුව සෙසු මන්ත්‍රීන් සියලු දෙනාට සති කිහිපයක් තුළ මෙම බලපත්‍ර නිකුත් කිරීම සිදුකෙරෙන බව වාර්තා වෙයි.

තීරැ බදු සහන බලපත්‍ර ක්‍රමය යටතේ එක් මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ 65ක පමණ බදු සහනයක් සහිත බලපත්‍රයක් හිමිවෙයි.

දැනට වාහන ආනයනය නතර කර ඇති නිසා මෙරටට ගෙන්වා ඇති වාහන හෝ ඉදිරියේදී වාහන ආනයන තහනම ඉවත්කළ විට හෝ මෙම බලපත්‍ර මගින් වාහන මිලදී ගත හැකි බව අප කළ විමසුමට පිළිතුරු දුන් ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

ඒ සමඟ රාජ්‍ය සේවයේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ලාභීන්ටද එම බලපත්‍ර නිකුත් කෙරේ.

රජයේ සේවකයන්ට එකී බලපත්‍ර යටතේ රුපියල් ලක්ෂ 36ක බදු සහනයකට යටත්ව වාහනයක් මිලදී ගත හැකිය.

දේශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button