කැම්පස් ඇතුලෙ වැඩකට බත් පාර්සල් 1000 ඕඩරේට බයවෙලා ආණ්ඩුව කොළඹ ආරක්ෂාව තර කරා


පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මාධ්‍ය හමුවේ මෙසේ පැවසීය.
“ඊයේ පෙරේදා දිනයේ ආණ්ඩුව ටිකක් බය වෙලා. කොළඹ විශ්ව විද්‍යාලයේ පළවෙනි වසරේ දරුවන්ට කෑම පාර්සල් 1000ක ඕඩරයක් ලැබිලා තියෙනවා. ඒ උත්සවයට ලැබිච්ච කෑම පාර්සල් ලැබීම එක පාරම ආණ්ඩුව එළවා දැමීම සඳහා රට ඒකරාශී වෙනවා කියන බොරු බේගලය නිර්මාණය කරන්න කටයුතු කලාදෝ කියලා තමයි අපිට කියන්න වෙන්නේ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයට පහුගිය ආණ්ඩුවේ හැංගිලා හිටපු රාජපක්ෂවරු දැන් අභියෝග කරමින් නැවත වතාවක් ඔවුන්ගේ සුපුරුදු තනතුරු දෙන්න කියන බලපෑම කරන බව අපට පේනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයට දැන් ජනාධිපතිවරයගේ නියෝජිතයාවන ආණ්ඩුකාරයා පත් කරගන්න බැරිවෙලා තියෙනවා. පොදු ජන පෙරමුණේ බැලමෙහෙවරකම් නිසා ඔහුගේ ප්‍රාණ ඇපකාරයින් බවට පත් වෙලා ඉන්නවා ජනාධිපති. සමහරු කියනවා අපි සිල් අරන් හිටියේ අපි මොකුත් කරේ නෑ. හැංගුනෙ නෑ වගේ, ඔය මන්ත්‍රීවරු නිකන් යාචකයෝ වගේ හැසිරුනේ. ඇයි රටේ ජනතාවට බය වෙලා.
පක්ෂය පාවිච්චි කරේ පොදුජන පෙරමුණ මහින්ද රාජපක්ෂ මහත්තයලව ආරක්ෂා කරන්න මිසක් එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න නෙමෙයි. ආණ්ඩුවේ බලය ලබා ගැනීම වෙනුවෙන් කුලල් කෑමක් තියෙනවා. ඒ කුලල් කෑම හරහා නැවත මේ රටේ ආර්ථිකය බිඳදාන වැඩපිළිවෙලකට යොමු වෙලා කියන කාරණය අපි කියනවා. ආණ්ඩුවේ අත්තනෝමතික හොර තීරණ හරහා අපිට IMF සහනෙත් නොලැබියන්න ඉඩ තිබෙනවා.”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
The post කැම්පස් ඇතුලෙ වැඩකට බත් පාර්සල් 1000 ඕඩරේට බයවෙලා ආණ්ඩුව කොළඹ ආරක්ෂාව තර කරා appeared first on Lanka Gossip Sochi Sinhala.
Source link