දේශීය පුවත්

කාලේ මත්පැන් බෝතල් විකිණීම නතර කිරීමට තීරණය කරයි

මිලි ලීටර 180 මත්පැන් බෝතල් (කාලේ බෝතල) විකිණීම නතර කිරීමට නව නීති ගෙන ආ යුතු බවත් තවත් බොහෝ කරුණු ඇතුළත් කරමින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට කඩිනමින් සංශෝධන ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් එම අධිකාරියේ සභාපති ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ පැවසුවා.

ඔහු මේ බව පැවසුවේ කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේ දී අද (18) පැවති වැඩමුළුවක් අමතමිනුයි.

මෙසේ අලෙවි කිරීමේ දී මධ්‍යසාර අලෙවිය ඉහළයාම නිසා ඇතිවන හානිය වලක්වාගැනීමත්, ඉවතලන බෝතල් නිසා සිදුවන පරිසර හානිය වළක්වා ගැනීමත් මෙහි අරමුණ බව ද සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

2006 අංක 27 දරණ මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණ පනතෙහි ඇතැම් කරුණු කඩිනමින් සංශෝධනය කළ යුතුව ඇතැයි කී සභාපතිවරයා ජනාධිපතිවරයාගේ හා සෞඛ්‍ය අමාත්‍යවරියගේ ආශීර්වාදයෙන් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද සඳහන් කරනු ලැබුවා.

ඩයනා උදයංගනී

Leave a Reply

Your email address will not be published.

Back to top button