කාන්තාවකට තග දැමූ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අත්අඩංගුවට

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (16දා) අලුයම අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
මොහු වසර 3 ක පමණ කාලයක් කුලී පදනම මත සිටි නිවසේ මාස කීපයක් ජල හා විදුලි බිල්පත් නොගෙවා නිවස භාර දී ඇත.
නිවෙස් හිමි කාන්තාව පසුව එම නිවස වෙනත් අයකුට කුලියට දී ඇති අතර හිඟ ගාස්තු නිසා විදුලි බල මණ්ඩලය විසින් නිවසේ විදුලිය විසන්දි කිරීමට පැමිණ ඇත.
පසුව නිවෙස් හිමි කාන්තාව ඇගේ පුත්‍රයාද සමග අසේල සම්පත් දැන් සිටින නිවසට ගොස් මේ බව දැනුම් දී හිඟ ගාස්තු ගෙවන ලෙස ඉල්ලා ඇත.
මෙහිදී කුපිත වූ අසේල සම්පත් අදාල කාන්තාවට හා පුත්‍රයාට පරුෂ වචනයෙන් බැන වැදී පහරදී ඇත.
පසුව අසේල සම්පත් 119 පොලිස් හදිසි ඇමැතුම් අංශය අමතා තමන්ගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරසක් තමන්ට පහර දෙන බවට ව්‍යාජ පැමිණිලි කර ඇත.
Source : NethGossip