ක්‍රීඩා පුවත්

ක්‍රීඩාව නගා සිටුවන්න නාමල්ගෙන් විශේෂ කමිටුවක් – සභාපති ධුරය මහේල ජයවර්ධනට

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ජාතික ක්‍රීඩා කවුන්සිලයක් පත් කර තිබේ.

එහි සභාපතිවරයා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනයි.

යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා / හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර / මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සහ පිහිණුම් ශූර ජුලියන් බෝලිං ද ඊට අයත්.

ක්‍රීඩා නීතීඥ රොවීනා සමරසිංහ / සංජීව වික්‍රමනායක / පැසිපන්දු ක්‍රීඩක යශ්වන්ත් මුත්තෙට්ටුවගම / සුපුන් වීරසිංහ / කස්තුරි විල්සන් / රුවන් කෑරගල / රාජිත අම්පෙමොහොට්ටි / රොහාන් ප්‍රනාන්දු / ටෙනිස් ශූරි තියුමි අබේසිංහ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය ද කමිටු සාමාජිකයන් ලෙස පත්කර ඇත.

ක්‍රීඩාවේ දියුණුව එහි ප්‍රතිපත්ති සහ ක්‍රීඩා ප්‍රමිතිය මෙන්ම ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නගාසිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ කාර්ය භාරයන් වේ.

ක්‍රීඩාවේ විනිවිදභාවය ඉහළ නැංවීම සහ ජාත්‍යන්තරය සමග තරඟ කල හැකි ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කිරීමද ජාතික ක්‍රීඩා කවුන්සිලයට පවරා ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button