ගොසිප් පුවත්
කලවානේ සුනඛයාට පහරදුන් සැකකරු අත්අඩංගුවට

කලවාන ප්‍රදේශයේ කුඩා සුනඛයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
පහරකෑමට ලක්වු අදාල සුනඛයා ඉතා අපහසුවෙන් කෑ ගසන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වු අතර එම සිද්ධිය පිළිබද කළවාන පොලිසිය නිසි විමර්ශණයක් කර නොමැති බවට චෝදනා එල්ලවු බවයි පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේ.
ඒ අනුව මෙම තත්වය පිළිබද පොලිසියේ නිති කොට්ඨාශයට වාර්තා වි ඇති අතර නිසි පරිදි විමර්ශණය සිදුකරන්නැයි පොලිස් නීති කොට්ඨාශය කලවාන පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත උපදෙස් දි තිඛෙනවා. ඒ අනුවයි සැකකරු අත්අඩංගුවට ගැනුනේ.
ඔහු අද කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙයට අදාලව වැඩිදුර විමර්ශණ සහ නඩු පැවරීම සම්පුර්ණයෙන්ම පොලිස් නීති කොට්ඨාශයේ අධික්ෂණය යටතේ සිදුකිරීමට නියමිතයි.