දේශීය පුවත්

කන්දකාඩු වලින් මතු වූ කොරෝනා පොකුර සොයා ගැනීම අපහසු වෙන ලකුණු

පසුගිය කාලසීමාවේ කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් බැලීම සඳහා පසුගිය කාලසීමාවේ 116 දෙනෙක් විවධ ප්‍රදේශවල ස්වයං නිරෝධානයට යොමු කර ඇති බව වාර්තා වනවා.

යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ ඔවුන් ගමන් කළ ප්‍රදේශවල කොරෝනා වෛරසය සමාජයට සම්ප්‍රේෂණ වී ඇති නම් මේ සතිය තුළ හඳුනා ගැනීමට හැකි වනු ඇති බවටයි.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන කදවුරේ රැඳවුවන් සහ එහි රාජකාරි කළ නිලධාරීන් 605 දෙනෙක්ගේ PCR පරීක්ෂණ මේ වන විට අවසන්ව තිබේ.

එම කඳවුරේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ නව ආසාධිත පොකුර වාර්තාවීමත් සමඟ වෛරසය ව්‍යාප්තිය සොයා පුළුල් මෙහෙයුම් දියත් කර ඇති බවටයි.

කෙසේ මෙම නව ආසාධිත පොකුර සොයා ගැනීම අසීරු සහ සංකීර්ණ තත්වයක් ලෙසයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button