දේශීය පුවත්

කන්දකාඩු පොකුර තවත් විශාල වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාව 2665 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී ආසාධිතයන් 19 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

ඉන් 13 දෙනෙකුම කන්දකාඩු සහ සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථාන සම්බන්ධ ආසාධිතයන් වනවා.

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 4 ක් සහ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් 09 දෙනෙකු ඊට අයත්.

මේ අනුව කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථාන සම්බන්ධ කොවිඩ්19 ආසාධිතයන් සංඛ්‍යාව 532 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම මධ්‍යස්ථානවල රැඳවියන් 444 දෙනෙකුට / එහි කාර්ය මණ්ඩලයේ 47 දෙනෙකුට සහ රැඳවියන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ආශ්‍රිතයන් 41 දෙනෙකුට මේ වනවිට කොවිඩ්19 වෛරසය වැළඳී අවසන්.

ඊයේ තහවුරු කරගත් අනෙක් 06 දෙනාගෙන් 04 ක් ඕමානයේ සිට පැමිණි අයයි. අනෙක් දෙදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ තිබෙනවා.

මෙරට ආසාධිතයන් අතුරින් 666 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මෙරට ආසාධිතයන් අතුරින් 906 දෙනෙකු නාවික හමුදාවේ වන අතර 838 දෙනෙකු විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් වනවා.

මෙරට රෝහල්වල සිටින තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 120 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.

ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් අතුරින් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 1988 ක්.

Leave a Reply

Your email address will not be published.

Back to top button