දේශපාලන පුවත්

කද බඩ පමණයි මොළයක් නැහැ – දයාසිරි, ප්‍රසන්න ගැටුම තවත් දුරදිග යන ලකුණු

ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින ප්‍රසන්න රණතුංග ”කද බඩ පමණක් ඇති මොලයක් නැති 08 වසර පමණක් සමත් අයෙක් බවත් උගත් අයෙක් පාර්ලිමේන්තු යනවාට ඔහු කැමති නැති බවත්” ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක දයාසිරි ජයසේකර සඳහන් කරනවා.

ඔහු මෙම අදහස් පල කළේ කුරුණෑගල දී පැවති ජන හමුවක් අමතමින්.

ඒ නිසා ඔවුන් කල්පනා කරන්නේ පාර්ලිමේන්තුවට 08 පාස් අය ගෙන්වා ගැනීමට යැයිද ඔහු සඳහන් කර සිටිනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට උගත් බුද්ධිමත් අපේක්ෂකයින් තරග වදින නිසා සාමාන්‍ය පෙළවත් සමත් නැති ප්‍රසන්න රණතුංගට එය අභියෝගයක් වී ඇති බවත් මෙම අඩුව වසා ගැනීමට වෙනත් අයට මඩ ගැසීම සිදුකරන බවත් මහ ලේකම්වරයා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published.

Back to top button